පොහොර නෞකා දෙකක් කොළඹ වරායට
මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය බන්ඩි පොහොර මෙට්ට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් අද රාත්‍රී කොළඹ කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.
මෙම පොහොර තොගය ගොඩබෑම හෙට(03) දින හවස්වරුවේ සිදුකිරීමට නියමිතව ඇති බවයි කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කළේ .
එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙරට දිස්ත්‍රික්ක 8ක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා ලබාදීමට නියමිත යූරියා පොහොර ට්‍රික් ටොන් 9000 ක ප්‍රමාණයක් රැගත් නෞකාව අද(02) දින උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා. එහි පොහොර ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

