Latestදේශීය

මිනිස් පරිභෝජනයට සුදුසු සහල් සත්ව ආහාර සඳහා රැගෙන යමින් තිබියදී අත්අඩංගුවට

මිනිස් පරිභෝජනය සඳහා සුදුසු සහල් තොගයක් සත්ව ආහාර සඳහා රැගෙන යමින් තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 පොළොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය ට ලැබුණු තොරතුරක් මත අදාල සහල් තොගය ප්‍රවාහනය කරමින් තිබියදී පොලීසිය විසින් මින්නේරිය නගරයේදී සිය භාරයට ගත් බවයි  සඳහන් වන්නේ.

රට තුළ සහල් හිඟයක් ඇති කිරීමේ අරමුණින් මෙලෙස  සහල් තොග සත්ව ආහාර සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී එම සහල් තොගය පසුගිය යල කන්නයේ අස්වැන්නෙන් ලබාගත් සහල් තොගයක් බවයි අනාවරණය වී තිබෙන්නේ.

කුලියාපිටිය ප්‍රදේශයේ සත්ව ගොවිපලක් වෙත ප්‍රවාහනය කරමින් තිබුණු මෙම ලොරි රථයේ රියදුරා සහ සහයක අද(02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 40හා 29 ක පුද්ගලයින් දෙදෙනෙකු බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *