විස්තර විචාරයක් අතරතුර රිකී පොන්ටින් රෝහල්ගත කෙරේ
හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක රිකී පොන්ටින් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.
අද(02) බටහිර ඉන්දීය කොදෙව් – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගයේ රූපවාහිනී විස්තර විචාර කටයුතුවලට සම්බන්ධ වී සිටියදී ඔහු එලෙස අසනීප වී තිබෙන අතර මේ වනවිට පර්ත් නුවර රෝහලක ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔහුගේ තත්ත්වය පිළිබඳ තහවුරු වූ නිශ්චිත තොරතුරු කිසිවක් මේ වනවිට ප්‍රසිද්ධ කර නොමැති අතර 47 හැවිරිදි වියේ පසුවන පොන්ටින්ට හෘදයාබාධයක් ඇති වූ බවට නිළ නොවන පුවත් වාර්තා වේ.
රිකී පොන්ටින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් ලෙස සැලකෙන අතර ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 168 ක් සහ එක්දින තරග 375 ක් ක්‍රීඩා කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

