Latestදේශීය

පාර්ලිමේන්තුවේ ඉන්නේ ගිජුලිහිණියෝ 225ක් – මිහින්තලය විහාරාධිපති

ආන්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ සිටින ගිජුලිහිණියෝ 225දෙනා මේ රට විනාශ කරමින් සිටින බව මිහින්තලය රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධම්මරතන හිමියන් පැවසුවේ ලබන 07 වෙනිදා සියලු ආගම් නියෝජනය කරන ජනතාව ඒකරාශි කරගෙන අධිෂ්ඨාන පූජාවක් හරහා ආන්ඩුව එලවන්න කටයුතු කරන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මරතන හිමි, 

රටේ ජනාධිපතිට, අගමැතිට මූණට මුහුණ බලාගෙන කිවුවත් ජනතාවගේ ප්‍රශ්ණ විසදන්න කියලා එහෙම විසදන්න උවමනාවත් තියෙන බවක් පේන්නේ නැහැ. අපි කිවුවේ රටේ ජනතාවට සහන දෙන්න කියලා. නමුත් ජනතාවට සහන දෙන්න වැඩපිළිවෙලක් ආන්ඩුවට නැහැ.

ඒ නිසා අපි ජනතාවට කියනවා 07 වෙනිදා එන්න. මේ මිහින්තලය රජමහා විහාරයට එන්න. අපි අධිෂ්ඨානයක් ඇති කර ගමු. මාසයක් ඇතුළත රටේ ජනතාවට සහන නොදුන්නොත් අපි මේ රජය පෙරළන්න ඒ අධිෂ්ඨානයට අනුව කටයුතු කරමු.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *