Latestදේශීය

චයිනා ගෝ හෝම්

ශ්‍රී ලංකාව විසින් චීන රජයට ගෙවිය යුතු ණය මුදල් ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා චීන රජය සහයෝගය ලබා නොදුනහොත් ‘චයිනා ගෝ හෝම්’ විරෝධතාවයක් ඇරඹීමට තමන් මූලිකත්වය ගන්නා බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානාක්‍යන් ශානක්‍යන් මහතා සඳහන් කරයි.

චීනය සැබෑවටම ශ්‍රී ලංකාවේ යහළුවා නම් ශ්‍රී ලංකාව විසින් චීනයට ගෙවිය යුතු ඇති බිලියන හතහමාරක ණය මුදල කපා හැරීමට පවා කටයුතු කළ හැකිව ඇති බවද හෙතෙම සඳහන් කළේය.

නමුත් ණය මුළුමනින්ම කපා හරින්නැයි ශ්‍රී ලංකාව ඉල්ලා සිටින්නේ නැතත් ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා හෝ සහාය දීමට චීනයට වගකීමක් ඇතැයිද හෙතෙම කියා සිටියේය.

එනිසා මෙම ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට චීන රජය සහයෝගය නොදුනහොත් ලඟදීම ‘චයිනා ගෝ හෝම්’ අරගලයක් එන බවත් තමන් ඊට නායකත්වය දෙන බවත් හෙතෙම පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් විපක්‍ෂයේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ ද සිල්වා සහාය කියා සිටියේ ‘චයිනා ගෝ හෝම්’ අරගලයක් මෙහෙවිය යුතු යැයි තමන් කිසිසේත්ම නොසිතන බවත් ශ්‍රී ලංකාව චීනය සහ ඉන්දියාව මෙන්ම සෑම රටක් සමගම සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත්ය.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *