Latestදේශීය

මීළඟ බලය වෙනුවෙන් සූදු පිටිය සූදානම් – විප්ලවවාදී ශිෂ්‍ය සංගමය

දිනෙන් දින භාණ්ඩ මිල ඉහළ යයි. බදුබර වැඩිවෙයි. ඉහළ යන ජීවන බරට සාපේක්ෂව වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි වන්නේ නැත. කුලී වැඩක් හෝ සිදුකර එදිනෙදා ජීවිතය ගැටගහගන්නා ජනතාවට කරකියාගැනීමට දෙයක් නැතිව තිබේ. ගොවීන් ගොවි බිම්වලින් එලවා දමමින් තිබෙයි. සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන ලදී. දෛනිකව විදුලිය කපා දමමින් තිබෙයි. විශ්‍රාම යා යුතු වයස 65 දක්වා දීර්ඝ කරන ලදී. ලබන වසරේ සිට කිරිපිටි ඇතුළු භාණ්ඩ රැසක් ආනයනය නවත්වන බව මුදල් ඇමති නිවේදනය කරන ලදී.

ජනතාව කබලෙන් ලිපට වැටී දැවී අළු වී අළු සුළඟටත් මුසු වෙමින් තිබෙයි. මේ සියලු කලබැගෑනි මැද පක්ෂ, විපක්ෂ දේශපාලන කණ්ඩායම් මීළඟ බලය වෙනුවෙන් සූදු පිටිය සූදානම් කරමින් තිබෙයි. මීළඟ බලය තවත් පාලක කල්ලියක් අතට යන්නේ නම් අර්බූදයේ කරවටක් ගිල්වා දමා ඇති සමාජය ඉස් පොල්ලටත් උඩින් තවදුරටත් ගිල්වා දැමීම අනිවාර්යකි.

ධනවාදයට තවත් කළ හැකි කිසිවක් නැත. එහි පැවැත්ම අහෝසි කළ යුතුව තිබේ. එහෙයින් මීළඟ බලය ජනතා බලයක් විය යුතුය. ඒ සඳහා සිසුන්, කම්කරුවන්, ගොවීන්, ධීවරයින්, රාජ්‍ය – පෞද්ගලික සේවකයන් සියල්ල එක්ව එක සටන් පෙරමුණකට රොද බැඳිය යුතුව තිබේ.              

ගිණිසිළුව   

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *