Latestදේශීය

සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියාවට

මැලේසියාවේ සංචාරය සඳහා යාමට පැමිණි 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රි ලාංකිකයින් පිරිසක් (01 දින ) කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේදී පරික්ෂා කිරීමේදී, ඉන් නව දෙනෙකු සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා යාමට උත්සහ කර ඇති බව හෙළිවිය.

කාන්තාවන් සිව් දෙනෙකු හා පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු මෙම පිරිසට අයත් අතර, Air Asia ගුවන්යානයක් මගින් මෙම පිරිස මැලේසියාවට රැගෙන යාමට ජාවාරම්කරුවන් උත්සහකර තිබුණි. ගුවන් තොටුපොලේදී, ඔවුන් සංචාරක වීසා මගින් විදේශ ගතවීම පිළිබඳව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම වංචාව පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම පිරිස කාර්යාංශයේ විමර්ශන අංශය වෙත යොමුකර ඇති අතර, මෙම ජාවාරම මෙහෙයවූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන අංශය විසින් ඉදිරි විමර්ශන මෙහෙයවනු ලබන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *