Latestදේශීය

ගාල්ල හිටපු මහේස්ත්‍රාත්වරියට බරපත වැඩ සහිත වසර 10ක සිරදඬුවම්

ගාල්ල හිටපු මහේස්ත්‍රාත්වරියක වන ඩී.එස්. මෙරෙන්චිආරච්චිට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 10ක සිරදඬුවම් නියම කර තිබේ.

අධිකරණය එලෙස දඬුවම් නියම කර ඇත්තේ සුරාබදු වැරදි සඳහා අය කරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ඇයට එරෙහිව පවරා තිබූ නඩු දෙකකට වරදකරු කරමිනි.

මේ වනවිට විත්තිකාරිය විදේශගතව ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති බව රජයේ අධිනීතීඥවරයා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් ‍රණරාජා ඇයට වරෙන්තුද නිකුත් කර තිබේ.

ඊට අමතරව විත්තිකාරියට රුපියල් 22,500ක දඩයක්ද මහාධිකරණය මගින් නියම කර ඇත.

දඩ නොගෙවන්නේ නම්, ලිහිල් වැඩ සහිත සිර දඬුවම් නියම කරන බවට විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු දෙකක විත්තිකරුවන්ට නියම කළ රුපියල් 7,500ක දඩය රුපියල් 1,500ක් ලෙස හා රුපියල් 5,000ක දඩය රුපියල් 2,500ක් ලෙස වෙනස් කර සටහන් කිරීමෙන් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට විත්තිකාරියට එරෙහිව අධිචෝදනා හතරක් යටතේ නීතිපතිවරයා විසින් 2009 වසරේදී මෙම නඩු දෙක කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබිණි.

Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *