Latestදේශීය

තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයේ සහය පතයි

මතුගම තැපැල් කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසා සිටියේ තැපැල් දෙපාර්තමේන්තුව ලබන ආදායම ඉහළ නංවා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

 වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ තැපැල් දෙපාර්තමේන්තුව සමඟ කෙටි කාලීන ආයෝජනයක් සඳහා එක්වන ලෙසද පෞද්ගලික අංශයට ආරාධනා කර සිටින බවයි.

 එසේ පෞද්ගලික අංශයේ සහය බලාපොරොත්තු වන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ තෝරාගත් අංශ කිහිපයකට පමණක් බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *