පොහොර බෙදාදීම අඛණ්ඩව සිදුකෙරේ
මහ කන්නය සඳහා අවශ්‍ය බන්ඩි පොහොර බෙදාදීම හෙට(05) සිට ආරම්භ කරන බවයි කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ.
බන්ඩි පොහොර මෙට්ට්‍රික් ටොන් 41,876 මෙසේ බෙදා හැරීමට නියමිතව ඇත.
ඊයේ (03)දිනයේ ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,500 ක තොගය මේ වෙනවිට බෙදා හැර ඇතැයි ද එම සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඒ අනුව දිස්ත්‍රික්ක 25 ක් සඳහා මෙට්‍රික් ටොන් 54 ,000ක් මේ වනවිට බෙදා හැර ඇති බවත් අනුරාධපුර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා අද දිනයේ මෙට්‍රික් ටොන් 1000 බෙදාහැර අවසන් බවත් ඔහු කියා සිටියා.
ඉදිරි සතිය තුළ දී ලක් පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම මගින් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,500ක් බෙදාහැරීමට නියමිතව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

