Latestදේශීය

ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් මහ බැංකුව වැරදියි – රනිල් වික්‍රමසිංහ

රටේ ආර්ථිකය කඩාවැටෙන බව එදා පාර්ලිමේන්තුව දැනුවත් කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ආර්ථිකය කඩාවැටීම එක්වරම සිදුවී නැති බවත් අවුරුදු දෙකකට පෙර අපේ ආර්ථිකය කඩාවැටී මේ තත්ත්වයට පත්වන බව දැනගෙන සිට ඇති බවත් තරුණ ප්‍රජාවගේ දායකත්වය ලබාගැනීම පිළිබඳ පැවැති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවැසීය.

මේ ඇතිවන ආර්ථික ගැටලුව ගැන මහ බැංකු අධිපති පාර්ලිමේන්තුවට පැමිණ කතා කළත් ඒ දේ ගැන අනතුරු ඇඟවීමක් කියවුණේ නැති බවත් එම කටයුත්තම සුළුතරයෙන් වාර්තාවක් දමා පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට හැකියාව තිබුණත් එය ද ඉටුකර නැති බවත් ජනාධිපතිවරයා කීය.

මෙහිදී තරුණයකු විසින් ඉඩම් බෙදීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදී තිබෙන බලතල සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විමසීමේදී ජනාධිපතිවරයා කියා සිටියේ එම ක්‍රමවේදය අත්හිටුවා ඇති බවයි. ආණ්ඩුවට කොතරම් ඉඩම් ප්‍රමාණයක් තිබෙනවාද යන්න හඳුනාගෙන නැති බවත් මුලින්ම ඒවා හඳුනාගත යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.

රජයේ ඉඩම් සම්බන්ධයෙන් සොයා බැලීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම ස්ථාපිත කළේ සීමිත වැඩකොටසක් කිරීමට බව ද, දැන් එම කොමිසම ද ඉඩම් බෙදන බව ද පැවසූ ජනාධිපතිවරයා එම නිසා නව ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා කමිටුවක් සකස් කරන බව ද කියා සිටියේය.

චමින්ද සිල්වා
දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *