Latestදේශීය

රාජපක්ෂ ගුවන්තොටුපොල වෙනුවෙන් රටට කෝටි 3656ක පොල්ලක්

මත්තල ඉදිකරන ලද ” රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොල ” වෙනුවෙන් ලබාගන්නා ලද ඩොලර් මිලියන 248ක මුලු මුදලම සම්පූර්ණයෙන්ම අපතේ ගොස් ඇති බවට කරුණු අනාවරණය වේ.

විගණකාධි පතිවරයා විසින් නිකුත් කරණ ලද වාර්තාවකින් මෙම කරුණු හෙළිවන අතර ලබාගන්නා ලද ඩොලර් මිලියන 248ක මුදල පැවති විණීමය අනුපාත අනුව රුපියල් කෝටි 3656ක් බව එම වාර්තාව සඳහන් කර තිබේ. එම ණය වෙනුවෙන් වාර්ශිකව රුපියල් කෝටි 261ක ණයවාරික සහ පොලී මුදලක් ගෙවමින් සිටී.

වාර්ෂිකව මගීන් ලක්ෂ 10ක් මෙම ගුවන්තොටුපොල මගින් පැමිණෙන බවට තක්සේරු කර ඉදිකරණු ලැබීය. නමුත් මෙය 2013 මාර්තු 18වන දින විවෘත කිරීමෙන් පසු මේ දක්වා පැමිණි මුළු මගීන් ගණන 91,747 බව එම වාර්තාවෙන් හෙළිකර ඇත.

එමෙන්ම වසරකට ගුවන් යානා 6000ක් පැමිණෙන බවට ඇස්තමේන්තු කර තිබුණි. එහෙත් විවෘත කිඍීමෙන් පසු මේ දක්වා වසර 9ක් පුරා පැමිණ ඇත්තේ ගුවන් යානා 2396ක් පමණක් බව එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත. විඝණකාදිපතිවරයා විසින් ගුවන්තොටුපොල හා ගුවන්සේවා සමාගම සම්භන්ධයෙන් 2021 වසරට අදාලව මෙම වාර්තාව නිකුත් කර ඇත.

Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *