Latestදේශීයවිදේශීය

ශ්‍රී ලාංකික රාජන් මුණසිංහ ඇමරිකාවේදී ‌‌‌වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ ටෙක්සාස්හි වාසය කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණයෙක් ඉකුත් නොවැම්බර් 15 වනදා ඔස්ටින් පොලිසියේ වෙඩි පහරට ලක්ව මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු 33 හැවිරිදි රාජන් මුණසිංහ නමැත්තෙකි.

රාජන් දින කිහිපයක් නිවසේ සිට නොමැති අතර ඔහු නැවත නිවසට පැමිණි විට අනුමාන කර ඇත්තේ තම නිවාස සොරුන් විසින් බිඳ ඇති බවය.

ඒ සම්බන්ධයෙන් ඔහු සිය මිතුරෙකුට ජංගම දුරකථනයෙන් පවසා තිබුණි.

එහිදී තම නිවසේ දොර අසල සඟවා තිබූ ගිනි අවියක් ඔහු ගෙන ඇත්තේ සිය ආරක්ෂාව සඳහා ය.

ඔහුගේ ඥාතීන් අධිකරණයට පැවසුවේ තමාගේ නිවසේ ආලින්දයේ රයිෆලයක් අතැතිව සිටි රාජන්ට ඔස්ටින් පොලීසිය නිලධාරියෙක් විසින් වෙඩි තබා ඝාතනය කළ බවය.

මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර ත්තේ එම ගිනි අවිය බිමතැබීමට ප්‍රමාණවත් කාලයක් පොලිස් නිලධාරීන් රාජන් ට ලබා නොදුන් බවය.

මෙම වෙඩිතැබීම ඉකුත් නොවැම්බර් 15 වනදා අලුයම 12.30 ට පමණ සිදුවූ බවත් 911 හදිසි ඇමතුම් අංකයට ලැබුණු දුරකථන ඇමතුමක් මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගිය බවත් ඔස්ටින් පොලිසිය පැවසීය.  

පුද්ගලයෙකු තම නිවස තුළට සහ වීථිය දෙසට ගිනි අවියක් එල්ල කරමින් සිටින බවත් එම පුද්ගලයා ඔහුගේ නිවසට වෙඩිතැබූ බවත් දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා පැවසූ බව ඔස්ටින් පොලිසිය පවසා තිබුණි.

රාජන් මුණසිංහ හට වෙඩි තබා ඇත්තේ ඩැනියෙල් සැන්චෙස් නැමැති පොලිස් නිලධාරියා බවත් ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් ඔස්ටින් පොලිසිය පැවසුවේය.

අද දෙරණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *