කැළණියේ ගොඩනැගිල්ලක ගින්නක්
අද (05)උදෑසන කැළණියේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
පෞද්ගලික ආයතනයක ගබඩාවක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගොඩනැගිල්ලේ උඩුමහල තුළ ගින්න හට ගෙන තිබෙන අතර මෙම ගින්න හේතුවෙන් එම මහල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ නගර සභාවට අයත් ගිනි නිවන රථ 6ක් යොදවා තිබූ අතර ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මේ වනවිට එම ප්‍රදේශයේ විදුලි බලය ද විසන්ධි කර තිබෙනවා.
පොලීසිය මේ පිළිබඳව වැඩි දුර විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

