අයවැය කාර්යාලය පිහිටුවීමට අනුමැතිය
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වන මූලික කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මස තිස් එක් වැනි දා ජනාධිපතිවරයා විසින් ,අමාත්‍ය මණ්ඩල රැස්වීමට යොමුකර තිබුණා.
එහිදී තීරණය කෙරුණේ එම මූලික කෙටුම්පත පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින් වෙත යොමු කිරීමටයි.
අනතුරුව අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායකයින්ට අදාළ මූලික කෙටුම්පත ඉදිරිපත් කර ඒ පිලිබද කරුණු සාකච්ඡා කර ඉන් අනතුරුව එය අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරනු ලැබුවා.
ඒ අනුව,දැනට ඇති මූලික කෙටුම්පත පදනම් කරගෙන පනත් කෙටුම්පතක් සකසන ලෙස නීති කෙටුම්පත් සම්පාදනය වෙත අමාත්‍ය මණ්ඩලය උපදෙස් දී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

