තරුෂි සහ නදුන් දක්ෂතම ක්‍රීඩක සම්මාන ලබයි
කොළඹ රාජකීය විද්‍යාලයේ නදුන් බණ්ඩාර සහ වලල එ රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න අද දින අවසන්වු සමස්ථ ලංකා පාසල් මළල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට පිදෙන සම්මාන දිනාගත්තා.
වයස අවුරුදු 20න් පහළ බාලක මීටර 110 කඩුලු තරගය තත්පර 13.64ක කාලයකින් අවසන් කරමින් නව තරග වාර්ථාවක් පිහිටුවීමට නදුන් බණ්ඩාර සමත්වුණා. තරුෂි කරුණාරත්නට එම සම්මාණය හිමිවුනේ ඇය විසින් 20න් පහළ මීටර 400 ඉසව්ව තත්පර 54.22ක කාලයකින් අවසන් කිරීම හේතුවෙන්. පුරා දින 5ක් පැවති මෙම තරගාවලියතුලදී තරුෂි කරුණාරත්න නව තරග වාර්තා තුනක් ස්ථාපිත කිරීම කැපීපෙනුණා
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

