A9 ළමයි 10000යි විෂයන් සියල්ලම අසමත් ළමයි 25000යි
‘රටේ තරුණ පරපුරේ යැදුම් හා යැපුම් මානසිකත්වය වෙනස් කළ යුතුයි. එවිට ජාතික සංවර්ධන අභිලාෂයන් සහ ව්‍යවසායකත්ව අරමුණු ජය ගත හැකියි’ යයි රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මේ බව සඳහන් කළේ එම අමාත්‍යංශය යටතේ ඇති ජාතික ශිල්ප සභාවේ බස්නාහිර පළාත් Ceylon craft වැඩමුළුව අමතමිනි.
බත්තරමුල්ල පිහිටි ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී වැඩමුළුව පැවැත්විණි.
ජාතික ශිල්ප සභාව හඳුනාගත් බස්නාහිර පලාතේ අපනයනකරුවන් මේ සඳහා එක්ව සිටි අතර අපනයනය ව්‍යවසායකයින් රැසක් සම්පත්දායකයින් ලෙස මෙම අවස්ථාවට එක්වූහ. රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා රටක් විදියට ජාතියක් විදියට ප්‍රෞඪ ඉතිහාසයක් ඇති අපි නැගිටිය යුතුයි. අපේ රටේ දෙකෝටිවිසිලක්ෂයක් ජනතාව සිටිනවා, දෙකෝටි විසි ලක්ෂයෙන් අවුරුදු 10-20 අතර ළමුන් 35 ලක්ෂයක් ඉන්නවා, මේ ජනතාව වසරකට අවම වශයෙන් ලක්ෂ 3-4 ක් වෙළදපලට එනවා,
අපේ රටේ ජාතික අදායමෙන් 86 % ක් යනවා රාජ්‍ය සේවයේ වේතන ගෙවීමට. අනෙකුත් දීමනා, වැඩිහිටි දීමනා, සංවර්ධන දීමනා ගෙව්වට පස්සේ රටේ ජාතික අදායම මදි අපේ රට දුවන්න. ඒ නිසා හැමදාම අපේ රටේ වෙළද ශේෂය, ගෙවුම් ශේෂ පරතරය වැඩියි. ඒ වගේම අයවැය පරතරයත් වැඩියි.
මෙහම ඇවිත් ඇවිත් අද අපි ජාතියක් ලෙස විශාල ලෙස වැටී ඇති මොහොතක්. අපි විශාල ඩොලර් අර්බුධයක් ඉන්නේ. නමුත් ජනතාව සමහරක් අය දන්නේ නැහැ. විශාල පෝලිම් යුගයක් තිබ්බා. අපිට ජනතාව අතරට යන්න බැරුව තිබ්බේ, නමුත් වර්තමාන ජනාධිපතිතුමා, අපි මොන දේශපාලන මතවල හිටියත්, මෙවර අයවැය ජනප්‍රිය අයවැයක් නෙමෙයි ඉදිරිපත් කලේ.
රටට අවශ්‍ය කරන ඉදිරි දැක්මක් සහිත අයවැයක් ඉදිරිපත් කලේ. අපි දන්නවා අපි කාටත් ප්‍රශ්න තියෙනවා. භාණ්ඩ වල මිල එකට තුනක් ඉහල ගිහින් තියෙනවා. අපි මහා ලොකුවට පම්පෝරි ගහනවා ඒ නමයක් ගත්තු ළමයි දහදාහක් ඉන්නවා කියල, හැබැයි විෂයන් නමයම ෆේල් ළමයි විසිපන්දාහක් ඉන්නවා.මොකක්ද අපි අනාගතයේ කරන කටයුත්ත,
ලක්ෂ 3-4 ක් සමනය පෙළ ලියලා උසස් පෙල කරනවා එක්ලක්ෂ හැත්තෑපන්දාහක් අසුදාහක්. එයින් ළමයි තිස්පන්දාහක් හතලිස්දාහක් විශ්ව විද්‍යාලයට යනවා. එයිනුත් අපි ඔක්කොම උත්සහ කරන්නේ , මමත් ඇතුළුව තමුන්ගේ ළමයි ඉංජිනේරුවරයෙක්, වෛද්‍යවරයෙක්. මේ හැමෝටම එහෙම වෙන්න බැහැ. මේ අධ්‍යාපන ක්‍රමයත් වෙනස් වෙන්න ඕනි. මේ ක්‍රමය නිසා තමයි අපේ දරුවෝ අද නිර්මාණශීලී පුද්ගලයෝ වෙලා නැත්තේ.
අපට අවශ්‍ය වන්නේ නිර්මාණ ශීලි පුද්ගලයන්, ව්‍යවසායකයින්. උපාධියක් අරගෙන රජයේ සේවයේ රුපියල් තිස්පන්දහකට, හතලිස්දාහකට පඩියකට තමයි වැඩ කරන්න වෙන්නේ. ඒ තුල අපේ රටේ සමහරු ඉන්නේ යැපුම් මානසිකත්වයේ, සමහරු ඉන්නේ යැදෙන මානසිකත්වයේ. අපේ යැපුම් මානසිකත්වය සහ යැදෙන මානසිකත්වය වෙනස් කරන්න ඕනි.
මම ඔබලා ගැන හරි ආඩම්බරයි. ඔබලා අපේ රටට ණය නැති පුද්ගලයෝ. ස්ව ශක්තියෙන් තමන්ගේ ජීවිතය, රට ගොඩගන්න වැඩ කරන පුද්ගලයෝ. අපිට අවශ්‍ය වන්නේ ඒ පිරිසක් නිර්මාණය කරන්න.
අපේ සාම්ප්‍රදායික දේ රකින්න ඕනි, එදා ලෝකේ සංවර්ධනය ගැන කතා කළා මීට අවුරුදු 50 කට කලින්. ඊළගට අපි කතා කලා ආර්ථිකය ගැන. ආර්ථික දියුණුවත් සමග පරිසර හානි සිදු උනා., දැන් මේ වෙනකොට පරිසර හිතකාමී සංවර්ධනය ගැන කතා වෙන්නේ,. අපේ මේ නිර්මාණ සියල්ලම පරිසර හිතකාමී දේවල්. ඒ නිසා අපිට ලෝකය ජය ගන්න පුළුවන්.
– Media unit