Latestදේශීය

ලබන වසරේ කඩදාසි රහිත බිල්පත් : අමාත්‍ය කාංචන විජේසේකර

2023 වසරේ ජනවාරි මාසසේ සිට සියලුම විදුලි පාරිභෝගිකයන්ට කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසනවා.

වීදි ලාම්පු සවි කිරීම සහ ක්‍රියාත්මක කිරීම නියාමනය කරන බවද  ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා  සඳහන් කර ඇත.

එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ විදුලි බල මණ්ඩලයට බාහිරව සිදු කිරීමට ඇති කාර්යයන් දැනට සිටින කාර්ය මණ්ඩල යොදා ගෙන සිදුකිරීමට අපේක්ෂා කරන අතර එසේ සිදුකළ නොහැකි කාර්යයන්  සඳහා ප්‍රාදේශීය සභාවල සහය ලබා ගැනීමටත් තීරණය කර ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *