දේශීය

තැපැල් සේවකයින් වැඩවර්ජනයක

ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව, තැපැල් සේවකයින් සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම වැඩ වර්ජනය අද(11) සවස 4.00 සිට හෙට(12) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් පෞද්ගලික අංශයට පැවරීමත්, යම් යම් සේවා ඉටු කර ගැනීම  සඳහා  පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමත්, සේවක වරප්‍රසාද කප්පාදුව  හා තැපැල් දෙපාර්තමේන්තුව සංවර්ධනයට  කටයුතු නොකිරීම ආදී කරුණු කිහිපයක් මුල් කරගෙන මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *