ලංකාවේ සංචාරය කරන්නේ නම් රක්ෂණ ආවරණයක් ගන්න – බ්‍රිතාන්‍යය
ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් ඒ පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන ලෙස බ්‍රිතාන්‍ය රජය විසින් සිය පුරවැසියන්ට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය පුරවැසියන් සඳහා උපදෙස් මාලාවක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය මත සංචාරකයන්ට විවිධ අපහසුතාවයන්ට ලක් වනු ඇති බවය.
ඖෂධ ආහාර ඉන්ධන ඇතුළු මූලික අවශ්‍යතාවයක් ශ්‍රී ලංකාව තුළ පවතින බවත් දෛනික විදුලි කප්පාදුවක් සිදු කරන බවත් එම උපදෙස් මාලාවේ සඳහන් වෙයි.
එමෙන්ම නිරන්තරව ඇතිවන උද්ඝෝෂණ විරෝධතා විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන නිසා එවන් ස්ථානවලට යාමෙන් වළකින ලෙස ද රජය දැනුම් දී ඇත.
ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ එනම් සුදුසු රක්ෂණයක් ලබාගෙන අත්‍යවශ්‍ය නම් පමණක් සංචාරය කරන ලෙස ද එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

