ගුණේ අයියාගේ බජව් කාමරය වසා දමා නිහාල් නෙල්සන් සමුගනී
ජනප්‍රිය ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (13) අළුයම මියයන විට ඔහු 78 වන වියේ පසුවිය.
කිරිදුන්නේ දරුවන්ටයි, ලස්සනට පිපුණු වනමල්, සල්ලි මිටි ගණන්, ගුණෙ අයියාගෙ බජව් දාන කාමරේ, පත්තරවල විස්තරවල, කාවඩි බයිලා වැනි අතිශයින්ම ජනප්‍රිය ගීත විශාල ගණනක් නිහාල් නෙල්සන් මහතා විසින් ගායනා කර ඇති අතර මේ දක්වා මෙරට ගායන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් නිකුත් කර ඇති වැඩිම කැසට් පටි සංඛ්‍යාවට හිමිකම් කියන්නේ ද නිහාල් නෙල්සන් මහතාය. ඔහු කැසට් පට 100කට අධික ප්‍රමාණයක් තම රසිකයන්ට දායාද කර ඇත.
නිහාල් නෙල්සන් මහතාගේ අවසන් කටයූතු පසුව දැනුම් දෙනු ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

