Latestදේශීය

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වසාදැමේ

හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දෙසැම්බර් 19 වනදා සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ.

එසේම එම විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළ රැඳීසිටින උපාධි අපේක්ෂකයින්ට අද (16) සවස 4ට පෙර ඉන් ඉවත් වන්නැයි විශ්වවිද්‍යාල පාලන අධිකාරිය දන්වා ඇති බවද වාර්තා වේ.

විශ්වවිද්‍යාලයේ නවක වද සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තලාවේ ධම්මික හිමි අද දින අත්අඩංගුවට ගත් අතර හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තලාවේ ධම්මික හිමියන් එළඹෙන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණා. පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *