සපුගස්කන්ද අද සිට යළි වැඩ අරඹයි
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව එම කටයුතු අද (16) සිට නැවත ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.
නව නිෂ්පාදන කටයුතු පූර්ණ ධාරිතාවකින් යුතුව ආරම්භ කිරීමට නියමිත බවත් මෙම නිවේදනයේ සඳහන්. මේ අතරම “මර්බන්” නැමැති ආනයනික බොරතෙල් මෙට්රික් ටොන් 90,000 ක් ශ්රී ලංකාවට පැමිණ ඇති බවද වාර්තා වනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

