Latestදේශීය

ඇල්ල සංචාරක කලාපය සංවර්ධනය කිරීමට කඩිනම් පියවර

ඇල්ල ව්‍යාපාරිකයින්ගේ සංගමය සමග අද (16) පෙරවරුවේ පැවති සාකච්ඡාවකට සහභාහි වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ ඇල්ල සංචාරක කලාපය විශේෂ සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි.

සංචාරක ආකර්ෂණය එල්ල වී ඇති මෙම සංචාරක කලාපය විධිමත්ව හා නිසි සැලැස්මකට අනුව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හා වැදගත්කම  පෙන්වාදුන් ජනාධිපතිවරයා, සංචාරක ආකර්ෂණයට බාධා නොවන ලෙස සෞන්දර්යාත්මක පරිසරය ආරක්ෂා කරගනිමින් එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරිමේ වැදගත්කම ද මෙහිදී පැහැදිලි කර දී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ සංචාරක අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය එක්ව මාස 4ක් තුළ අදාළ සංවර්ධන සැලැස්ම සකස් කර තමා වෙත භාරදෙන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *