දකුණු මුහුදේ දී කිලෝ දෙසියක මත්ද්‍රව්‍ය හමුවෙයි
නාවික හමුදාව ,රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව දකුණු මුහුදේ ඊයේ (16) දිනයේදී විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙනවා.
මෙම මෙහෙයුමේදී කිලෝ දෙසීයකට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
දකුණු මුහුදේ දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී මෙම මත්ද්‍රව්‍ය සමගින් ධීවර යාත්‍රා දෙකක් ද නාවික හමුදාව විසින් සිය බාරයට ගෙන තිබෙන බව වාර්තා වනවා.
එමෙන්ම මෙම යාත්‍රාව සමග ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිසක් ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

