Latestවිදේශීය

ට්විටර් CEO තනතුර භාරගැනීමට තරම් මෝඩ අයෙක් හමුවනතුරු 

ට්විටර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි “තනතුර භාරගැනීමට තරම් මෝඩ අයෙක්” හමුවූ පසු තමා එම තනතුරෙන් ඉවත් වන බව ඉලොන් මස්ක් පවසයි.
  
ලොව දෙවැනි ධනවත්ම පුද්ගලයා වන මස්ක් මීට පෙර පැවසුවේ “ඔහු ට්විටර් CEO තනතුරින් ඉල්ලා අස්විය යුතු බවට” ට්විටර් ග්‍රාහකයින් 57.5%ක් දුන් පණිවුඩයට එකඟව කටයුතු කරන බවය.
 
ඔහු වෙනුවෙන් සුදුසු පුද්ගලයෙක් හමුවූ පසුවද තමා ට්විටර් ආයතනයේ මෘදුකාංග සහ සර්වර් කණ්ඩායම් සඳහා නායකත්වය දෙන බව මස්ක් පැවසීය. 

මස්ක් ට්විටර් ආයතනය මිලදී ගැනීමෙන් අනතුරුව සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව නොසතුට පළ කළේය.

Adaderana


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *