විශ්‍රාම යන කතාව බොරුවක්
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ධුරයෙන් විශ්‍රාම යාමට තීරණයක් ගෙන නැතැයි කොළඹ රදගුරු මැදුර කියා සිටියි.
මැල්කම් රංජිත් කාදිනල්තුමාට වසර 75ක් පිරීම සම්බන්ධයෙන් පාප් වහන්සේට දැනුම් දීම කතෝලික සභාවේ සම්ප්‍රදායක් බවද අගරදගුරු මැදුර නිවේදනය කරයි.
ඇතැම් පිරිස් මේ පිළිබඳව වැරදි ආකල්පයක් ඇති කර ගෙන ඇතැයිද පවසන අගරදගුරු මැදුර එතුමන් විශ්‍රාම යැවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ පාප් වහන්සේ බවද කියා සිටී.
මේ අනුව කාදිනල්තුමන් අගරදගුරු ධුරයෙන් විශ්‍රාම යෑමට අදහස් කර ඇති බවට පළ වන පුවත් අසත්‍ය බවද එම නිවේදනය තවදුරටත් සඳහන් වෙයි.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

