අද සහ හෙට බොහෝ ප්‍රදේශවල වැසි සහ සුළං වැඩිවෙයි
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කි.මී.350 ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම පද්ධතිය හෙට දිනයේදී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇත.ඒ හේතුවෙන් ඉදිරි දින දෙක තුළදී (දෙසැම්බර් මස 25 සහ 26 යන දිනයන්හිදී) දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් තවදුරත් අපේක්ෂා කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි.මි. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක.
උතුරු, නැගෙනහිර, ඌව, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

