Latestදේශීය

වැලි, ගල්, බොරළු සහ මැටි ප්‍රවාහනයට නව බලපත්‍රයක් : භූ විද්‍යා හා පතල් කාර්යාංශය

ලබන ජනවාරි මස 2වැනිදා සිට වැලි, ගල්, බොරළු සහ මැටි ප්‍රවාහනය සඳහා නව බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

පසුගිය කාල පරිච්ඡේදය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය විශේෂයෙන්ම වැලි බොරළු හා පස් ප්‍රවාහනයේදී ප්‍රවාහන බලපත්‍ර තුළ වාහන අංකය සහ ප්‍රවාහනය කරන ගමන් මාර්ගය සඳහන් නොවූ බැවින් අක්‍රමිකතා රාශියක් සිදුවු බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම් මහතා පවසනවා.

පරිසර අමාත්‍යතුමාගේ විශේෂ අවධානය මේ පිළිබඳව යොමුවීම නිසා ලබන වසරේ ජනවාරි මස 2වැනිදා සිට  සියලුම ප්‍රවාහන බලපත්‍ර තුළ වාහන අංකයත් ගමන් මාර්ගයත් ගමනාන්තයත් යන කරුණු අඩංගු කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *