එළවළු ප්‍රවාහනය සඳහා දුම්රියක්
ලබන මාසයේ සිට එළවළු ප්‍රවාහනය කිරීම සඳහා නව දුම්රියක් සේවයට යෙදවීමට සැලසුම් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වනවිට එම දුම්රියේ අත්හදා බැලීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මෙම තීරණය ගෙන ඇත්තේ මෙවර අයවැයෙන් කළ යෝජනාවක් අනුව බවයි සඳහන් වන්නේ. ඉන්ධන මිල ඉහළ යාමත් සමග එළවළු ප්‍රවාහනය සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවීම හා අස්වනු වලට ප්‍රවාහනයේදි සිදුවන හානිය අවම කර ගැනීම සඳහා මේ පියවර ගෙන ඇති බවත් සඳහන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

