හෙට සහ අනිද්දා විශේෂ ඩෙංගු මර්දන දින දෙකක් කිරීමට තීරණයක්.
ඩෙංගු රෝග කාරක වෛරසය පතුරවන ඊඩිස් වර්ගයේ මදුරු ගණත්වය රටේ බොහෝ ප්‍රදේශවල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව අනාවරණය වීමත් සමග හෙට සහ අනිද්දා යන දින දෙක විශේෂ ඩෙංගු මර්දන දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
මේ අතර දිනකට රෝගීන් 200ත් 300ත් අතර ප්‍රමාණයක් රෝහල්වලින් වාර්තා වීමේ ප්රවණතාවක්ද දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඒ අනුව දෙසැම්බර් 26 වන දින වනවිට දිවයින පුරා ඩෙංගු රෝගීන් 75,434 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය ගිය වසරට සාපේක්ෂව දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක් බව සඳහන් වනවා.
එම නිසා මේ දිනවල සියලුදෙනා තම නිවාස තුළ සහ අවට මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව සඳහන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

