‘රෙඩ් වින්ග්ස්’ අද සිට ශ්‍රී ලංකාවට ගමන් ආරම්භ කරයි
අද (29) සිට රුසියාවේ ‘රෙඩ් වින්ග්ස්’ ගුවන් සේවය ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය දනුම් දෙනවා.
ඒ අනුව රුසියාවේ’රෙඩ් වින්ග්ස්’ ගුවන් සේවයට අයත් යානයක් අද මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි.
සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ එම ගුවන් සේවය සතියට දෙවරක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් සිදු කිරීමට නියමිතව ඇති බවයි.
මෙම ගුවන් යානයෙන් රුසියානු සංචාරකයින් 404 දෙනෙකු මෙරටට පැමිණෙන බවයි සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කරන්නේ.
‘රෙඩ් වින්ග්ස්’ සමාගම ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමග රුසියාව හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා 3 ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

