Latestදේශීය

මේ දිනවල මල්තුහින ඇතිවිය හැකියි: කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පැවතිය හැකි අතර හිමිදිරි කාලයේදී සීතල කාලගුණ තත්වයක් අපේක්ෂා කළ හැකි අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක්ද පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වන්නේ දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාළගුණ තත්වයක් පවතින බවයි.

ඊසාන දෙසින් දිවයින වටා මුහුදු ප්‍රදේශවලට සුළං හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වන බව එම නිවේදනයේ දැක්වෙන අතර මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) පමණ වැඩිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක රළු ස්වභාවයක් ගන්නා අතර  දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය තත්වයේ පවතී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *