Latestදේශීය

රට ගමන් කරන්නේ අපහසුවෙන්, විපක්ෂය ඒක තේරුම් ගත යුතුයි – වජිර අබේවර්ධන

රටක් ලෙස අපහසුවෙන් ගමන් කරන මෙවැනි අවස්ථාවක මැතිවරණයකට යාමෙන් ව්‍යසනකාරී තත්වයක් ඇතිවිය හැකි බවත්,මේ මොහොතේ තිබෙන අසීරු තත්වය විරුද්ධ පක්ෂය අවබෝධ කරගතයුතු බවත්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මාධ්‍යය වෙත මෙසේ පැවසීය.

රටක් නැවත යථා තත්වයට පත්වන මොහොතේදී එම ගමන විනාශ කළහොත් රට නැවත ස්ථාවර කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහය ව්‍යාර්ථ වනු ඇති බවත්, ජනාධිපතිවරයාගේ ඉලක්ක බිඳවැටෙනු ඇති බවත් අබේවර්ධන මහතා තවදුරටත් පැවසීය.

සම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී මහජනතාව ආරක්ෂා කිරීමට පක්ෂබේදයෙන් තොරව කටයුතු කළයුතු බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *