අන්තරයට අදත් කදුළුගෑස් සහ ජල ප්‍රහාර
ත්‍රස්ත පනතින් සිරකර සිටින වසන්ත මුදලිගේ වහා නිදහස් කරනු! ජීවන බර දරන්න බෑ – විදුලිය-තෙල්-ගෑස් මිල පහත හෙලනු! ජීවත් වෙන්න ඉඩ දියව්.! බදු බර-බඩු මිල පහත හෙලනු! ත්‍රස්ත පනත (PTA)අහෝසි කරනු! ශිෂ්‍ය නායක දඩයම නවතනු!. අත්අඩංගුවට ගත් සියළු සිසු ක්‍රියාකාරීන් වහා නිදහස් කරනු! යන සටන් පාඨ මුල්කරගනිමින් තුම්මුල්ලේ පිහිටි, එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටට අද (16) දහවල් පැමිණි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයින් එහි සිට විරෝධතා පාගමනක් ආරම්භ කළා.
මෙම පාගමනට කොල්ලුපිටිය ප්‍රදේශයේදී පොලීසිය විසින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා.
අනතුරුව නෙලුම් පොකුණ රඟහල අසළදී විරෝධතාකරුවන් විසුරුවාහැරීමට පොලීසිය නැවත ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
Please follow and like us: