අද (17)පාර්ලිමේන්තුව රැස් වෙයි
අද(18) දින සිට ලබන 20 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තා වනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පළාත් පාලන මැතිවරණයට අදාළව ඉදිරිපත් වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් දෙකක් අද (17) පස්වරුවේ දෙවන වර කියවීම සිදුවන බවයි.එ අනුව ඉමිතියාස් බාකිර් මාකර්, ප්‍රේමනාත් සී දොලවත්ත යන මහත්වරුන් දෙදෙනා විසින් පළාත් පාලන මැතිවරණයට අදාළව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් දෙකේ දෙවන වරකියවීමේ විවාදය අද පැවැත්වෙනු ඇති. ඊට ප්‍රථම ආනයන සහ අපනයන පාලන පනත යටතේ හා රෙගුලාසි විදේශ විනිමය පනත යටතේ නියෝග විවාදයට ගැනෙනු ඇති. හෙට (18) දිනයේ දී පස්වරු 01.00ට පාර්ලිමේන්තු පිළිබඳ කාරක සභාව රැස්වීමට ද නියමිත බව වාර්තා වනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

