Latestදේශීය

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සහ නාවික හමුදාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති වශයෙන් කටයුතු කරනු ලබන හිදෙකි මිෂුකොෂි (Hideaki MIZUKOSHI) මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අතර නිල හමුවක් (2023 ජනවාරි 18) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම නිල හමුවේදී ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ ජපාන තානාපති සහ නාවික හමුදාධිපති අතර සුහද පිළිසඳරක් පැවති අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් යුකී යොකොහරී (Captain Yuki YOKOHARI) මහතා ද සහභාගී විය.

තවද, මෙම නිළ හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *