Latestදේශීය

ඇමරිකා චීන බල පොරය ලංකාවේදී නැවත මතුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව පවත්වන සාකච්ඡා කඩාකප්පල් කරන්නේ චීනය බවට කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය කරන ලද ප්‍රකාශය හෙළා දකින බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

ඇමරිකානු තානාපතිනිය තම කූප්‍රකට මන්ත්‍රය යලි ජප කරමින් සිටින බවද ඒ ආකාරයේ පදනම් විරහිත චෝදනා එල්ල කිරිමට සහ දේශන පැවැත්වීමට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තීරණයන් පිළිබඳව විශාලතම නිශේධ බලය පවතින්නේ ඇමරිකාව මත බවද ඇමරිකා තානාපතිය වටහා ගත යුතු බවද චීන තානාපති කාර්යාලය කියා සිටී.

ශ්‍රී ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ කවුරුන්ද යන්න ඇමරිකානු තානාපතිනිය තමාගෙන් ම විමසා ගත යුතු බවද පවසන චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටවූ වහාම අධිකරණයට ගියේ කවුරුන් ද යන්න විමසිය යුතු බවද චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට සහනදායි විසඳුමක් ලබා ගැනීමට මැදිහත් වනු වෙනුවට ඇමරිකාව චීනය සහ ශ්‍රී ලංකාව අතර විරසකයක් නිර්මාණය කිරීමට උත්සාහ දරන බව ද එම නිවේදනය තවදුරටත් දැක්වේ.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *