Latestදේශීය

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද විවාදයට

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත  අද (19) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (19) පැවැත්වීමට ඊයේ (18) කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මේ අනුව අද (19)   පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිත බව ද මහලේකම්වරයා පැවසීය.  ඊයේ දිනයේදී මේ සම්බන්ධ අවසන් තීරණය ගැනීමට, මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී තිබිණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *