යුක්තියේ ඉර පායන්නේ නැත
(දුලංජය මහගමගේ)
මළමිනී මතින් දේශපාලන ජයග්‍රහණ පැතීම ඇරඹුනේ පාස්කු ප්‍රහාරත් සමඟ නොවේ. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක, මංගල සමරවීර සහ මහින්ද රාජපක්ෂ ද සාර්ථකව මළ මිනී මතින් තම දේශපාලන ජයග්‍රහණ ලැබූ බවත් පසුව එම මළ මිනී වලට පයින් ගසමින් ඝාතනය වූ මිනිසුන්ට යුක්තිය ඉෂ්ට කිරීම අමතක කළ බවත් අපගේ දේශපාලන ඉතිහාසය තුළ ලියැවී ඇති දෙයකි.
චන්ද්‍රිකගේ එම ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත කාර්‍යභාරයක් ඉටුකල පවිත්‍රාදේවි වන්නිආරච්චී නැමැත්තිය තමන් එදා ඒ චෝදනා එල්ල කළ ඝාතකයෙකු ඉදිරියේ ඇමතිකමක දිවුරුම් දෙන ආකාරය දක්නට ලැබීම අප සිනාසිය යුතු ද නැත්නම් ඇඩිය යුතු ද යන්න තීරණය කරගැනීමටත් අපහසු සංසිද්ධියකි.
88/89 සමයේදී අනේක වධවේදනා පමුණුවා ඝාතනය කර රක්වාන කඳු වැටියේ සූරියකන්ද වනලැහැබ තුළ වළදමා තිබුණු ඒ ඇඹිලිපිටිය මධ්‍ය මහ විද්‍යාල සිසුන් 16 දෙනා නොවන්නට අද මේ පවිත්‍රාදේවි වන්නිආරච්චී නම් දේශපාලන චරිතයක් නොසිටින්නට ඉඩ තිබුණි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මංගල සමරවීර වැනි පුද්ගලයන් සමඟ සූරියකන්ද වනලැහැබෙන් ඒ ඝාතනය වූ දරුවන්ගේ ඇටකටු පොඳි සොයාගෙන ‘සූරියකන්දේ නීතීඥවරිය’ ලෙස රනිල් වික්‍රමසිංහ නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමූහ මිනිස් ඝාතන චෝදනා එල්ල කරමින් පොදුජන එක්සත් පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට පිවිසි ඇය තමන්ගේ එම චෝදනා එල්ල කළ පුද්ගලයා ඉදිරියේම ඇමතිකමක දිවුරුම් දීම පෙන්වා දෙන්නේ මෙරට දේශපාලනයේ අවස්ථාවාදී තුච්ච බව නොවේද?.
හෘදසාක්ෂියක් හෝ ආත්මයක් නොමැති මෙවැනි අවස්ථාවාදී දේශපාලකයන් දේශපාලන භූමියෙන් අතුගා දමන තෙක් අප රටට කිසි දිනෙක යුක්තියේ ඉර පායන්නේ නැත.