වසන්ත මුදලිගේ, ස්වදේශික නායකයෝ හා “75 නිදහස”
(නන්දන වීරරත්න)
(17) හැන්දෑවේ ලංකාවේ ස්වදේශිකයන්ගේ නායක, වන්නිලා ඇත්තෝ සෙසු වරිග නායකයන් සමඟ කුරුදුවත්තේ, ලංකා පදනමේ පුවත් කතාවකට පැමිණ සිටියේය.
වන්නිලා එතැනට ආවේ පාර්ලිමේන්තුවේදී අගමැතියාද, කතා ලොක්කාද සෙසු ආණ්ඩුවේ නායකයන් හමුවි අවුරුදු 75 තිස්සේ නොලැබුණු අයිතිවාසිකම් ඉංදිය කොළණියේ නායකයන් ගෙන් යලිත් ඉල්ලීමෙන් පසුවය. මේ ප්‍රශ්නයේ අලුත්ම පුවත වන්නේ දානිගල වැද්දන් හතරදෙනෙකු අනිද්දා බිබිලේ උසාවියට ඉදිරිපත් කිරීමය. නිල්ගල පාරම්පරික වනාන්තරය යට කර ඩී.එස්. සේනානායක තැනූ ඉඟිනියාගල ජලාසයේ “අනවසරයෙන් මසුන් මැරීමට” විරුද්ධව වනජිවී හිමිකරුවෝ මේ වැද්දන් හතරදෙනාට බිබිලේ උසාවියේ නඩු පවරා තිබේ.
තමන්ට ලංකාවේ සිටින ඉංදියානු සංක්‍රමණිකයන් ගෙන් සිදුවන ගැහැටෙන් මිදී “අයිතිවාසිකම්” තබා ගන්නට මේ වැදි නායකයන් හමුවූයේ දියවන්නාවේ සිටින දිල්ලියේ නව නියෝජිතයන් ය. මෙයින් අගමැතියා ඔවුන්ගේ ප්‍රශ්න වහාම “විසඳන්නට” පොරොන්දුවී ලබන පෙබරවාරි 04 දා උඩ දමා සමරන “75 නිදහස” ට ප්‍රධාන ආරාධිතයන් වන්නැයි මේ ස්වදේශීය නායකයන් සමුහයට ඇරයුම් කළේය. ඒ වෙනුවෙන් සියලු පහසුකම්ද සලසන්නට පොරොන්දු වූයේය. පුදුමයක මහත…! මේ පාලක කල්ලියට රටේ ස්වදේශිය නායකයන් සමඟ උන් ලැබූ නිදහස සමරන්නට මතක් වී තිබෙන්නේ වසර 75 කට පසුවය. එයත් දඹානෙන් පැමිණි ‘කැකුලෙක්’ වන වසන්ත මුදලිගේ උන්ගේ පාලනයට අභියෝග කර තරුණ ජනයාට නායකත්වය දෙන විටය. ඔහු ‘ත්‍රස්තවාදය වැලක්වීමේ පනත’ යටතේ මාස ගණනාවක් දින නියමයක් නොමැතිව සිර ගත තිබෙද්දීය.
රනිල රාජපක්ෂ ආන්ඩුවේ දෙවැනියා වී සිටින ‘බොරළුගොඩ හිවලාගේ’ කෛරාටික තරමක මහත..!
වන්නිලා කියූ ආකාරයටම ඔහු 1982 පටන් කොළඹට පැමිණ රටේ සිටි රාජ්‍ය නායකයන් හමුවී තිබේ. උන් සියල්ලෝම ඔහු සමඟ පිංතුර ගසා බොරු පොරොන්දු දී පිටත් කළෝය. මොවුහු තවත් විශේෂ ඉල්ලිම ද කළෝය. ජයවර්ධන [ජේ.ආර්] කැලැව අතැර දමා මහවැලි සී කලාපයේ පදිංචියට යන්නැයි කීවේය. ප්‍රේමදාස [රනසිංහ] උදාගමක් හෙවත් අලි වාඩියක් තනා එහි පදිංචි කරන්නට කතා කළේය. චන්ද්රිකා [කුමාරතුංග] ගෙදර ප්‍රින්ටරයෙන් “හැදුනුම්පත්” මුද්රණය කර මේ ස්වදේශිකයන්ට බෙදා දුන්නාය. එය සියළු අයිතිවාසිකම් ඉබේ ලැබෙන බලගතු “යන්තරයක්” [සුරයක්] බව කිවාය. එයත් හරියටම ඇගේ බටලන්ද කොමිසම වර්ගයේ සෙප්පඩ විජ්ජාවක් වී අවසන් වු බව වන්නිලා කියූ කතාවෙන් තහවුරු විය. රාජපක්ෂලා ද සිරිසේනද [මෛත්‍රිපාල] රජ ගෙයි සිටිද්දී වන්නිලා සමඟ පිංතුර ගසමින් නොයෙකුත් පොරොන්දු දුන්නෝය. ඒවා රජගෙයි තාප්පෙන් එලියට ආවේ නැත.
පුවත් පත් කතාව අවසානයේ අපි වන්නිලා ඇත්තන්ට මෙසේ යෝජනා කළෙමු.
“ 74 රවට්ටපු එවුන්ගේ 75 මඟුලට යන්න එපා. ගෙදරට ආවහම මඟුලක් නෙවෙයි දානයක් කිව්වත් යන සිරිතක් නෑ. අනික ඔහේලගේ කැකුලත් උන් හිරේ දාගෙන ඉන්නේ. මොන එකකටද යන්නේ?”
වන්නිලාගෙන් කෙලින් උත්තරයක් නොලැබුණි. අපේ එකම සතුට වුයේ වන්නිලා මුතුර්, වාකරේ, හා මඩකලපුවේ මුදු වැදි නායකයන් පමණක්ක් නොව රටේ සෙසු වැදි නායකයන් සමඟ සම අසුන් ගෙන සිටීමය. ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකාවේ ස්වදේශීක නායකයා ඔහුගේ වරිගයේ සෙසු ඥාතීන් සමඟ එක පෙරමුනකට එමින් සිටින්නේය. මේ සවදේශිකයන්ගේම පුත්‍රයෙක් කොන්දක් නැති ඉංදියානු සංක්‍රමණිකයන්ට නායකත්වය දෙමින් සිටින්නේය.
ජයවේවා…!