Latestදේශීය

අපි ඔබට උදව් කරනවා – එස්.ජයිශංකර්

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා හමුවී තිබෙනවා.

ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ දූත පිරිස මෙරටට පැමිණ ඇත්තේ දෙදින නිල සංචාරයක් සදහායි.

ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් මෙරට ආයෝජන ප්‍රවාහයන් තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවට සදහන් කර තිබෙනවා.

යටිතල පහසුකම්, බලශක්ති ,කර්මාන්ත සහ සෞඛ්‍ය අංශවල සහයෝගිතාවය වර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී කරුණු සාකච්ඡා වී තිබෙනවා.එසේම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුණගැසී සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *