කොළඹ ප්‍රදේශ රැසක හෙට (21) ජල සැපයුම අත්හිටුවයි
කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම හෙට, පෙරවරු 11.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය එකොලහක කාලයක් ජල සැපයුම අත් හිටවනු වන ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා. විදුලි බල මන්ඩලය සිදුකරන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
දෙහිවල,ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ මහරගම , බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ මෙන්ම රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට, ඒ අනුව ජල සැපයුම අත් හිටවනු ඇති.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

