Latestදේශීය

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අදින් අවසන්

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී ඇති කාලය අදින් අවසන් වන බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා.

අද දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කිරිමේ හැකියාව පවතින අතර ඊයේ දිනය වන විට දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප මුදල් තැන්පත් කර ඇති බව සදහන්.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා ලබන 21 වැනිදා දහවල් 12 දක්වා භාරගැනීමට නියමිතයි.

ඊයේ දිනය තුළ දේශපාලන පක්ෂ 10ක් නාමයෝජනා භාරදී තිබෙන අතර ජාතික ජන බලවේගය මාතලේ, පුත්තලම, අනුරාධපුර, පොළාන්නරුව, බදුල්ල, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නාමයෝජනා භාර දී ඇති බව වාර්තා වේ.

මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ ඊට අමතරව නිදහස් ජනතා පෙරමුණ , එක්සත් ජාතික නිදහස් පෙරමුණ තමිල්මක්කල් විඩුතලෛයි පුළිකල්, ජනසෙත පෙරමුණ, ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ එක්සත් සමාජවාදී පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් පළාත් පාලන ආයතන කිහිපයකට ඊයේ දිනයේ නාමයෝජනා භාර දී ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *