Latestදේශීය

මම උසාවි යනවා – ජනක රත්නායක

මහජන උපයෝගීතා කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් තමන් නීතියේ සහාය පතන බව එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඊයේ (19) පෙරවරුවේ කොමිසමේ සාමාජිකයින් ජනාධිපතිවරයාව හමුවීමෙන් පසු සාමූහික තීරණය වෙනස් වී ඇති බවය.

අද (20) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ජනක රත්නායක මහතා සඳහන් කළේ,

“ජනාධිපති මාව හමුවෙන්න ඕනේ කිව්වා. මම බලං හිටියා. හැබැයි වුණේ.. මාව නැතුව කොමිසමේ අනෙක් සාමාජිකයින්ව හමුවුණා. අපි ගත්තු සාමූහික තීරණය ඊයේ වෙනස් වුණා.”

“ඒ අය දැන් කියනවා.. කැබිනට් යෝජනාව පරිදි ඉක්මනින් මිල වැඩිවීම ක්‍රියාත්මක කරලා ඉදිරි මිල සංශෝධනයේදී ඒක ගැලපුමක් කරන්න කියලා.”

“මම නීතිය ඉදිරියට ගිහින් මේකට අවශ්‍ය සහනය ඉල්ලනවා. එහෙම බැරි වුණොත් ක්‍රමවේදයක් නැහැ. බලය තිබෙන්නේ බහුතර කැමැත්තට”

“අපි කලින් සාමූහික තීරණයක් ගත්තා කැබිනට් තීරණය ඉවත දාලා විදුලිබල මණ්ඩලයේ මිල සංශෝධනයට යන්න.”

“ජනාධිපති කියලා තියෙන්නේ රටේ තියෙන ආර්ථික තත්ත්වය නිසා මේ සංශෝධනය කරන්න ඕනේ කියලා.”

“මේ කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීමට මම කටයුතු කරනවා.”

මේ අතර විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂම සාකච්ඡා කොට විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත යුතු බව ජාතික සභාව පවසයි.

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක් නියෝජනය කරන අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිලධාරීන් ඊයේ (19) පස්වරුවේ කැඳවා සිදුකළ කරුණු විමසීමකින් අනතුරුව ජාතික සභාවේ සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ බව පැවසීය.

ඒ අනුව අදාළ සාකච්ඡාවන් සිදුකර ලබන 24 වනදා නැවත මෙම සියලු පාර්ශ්ව ජාතික සභාව වෙත කැඳවීමට ද මෙහිදී තීරණය කෙරුණි. 

කැබිනට් මණ්ඩලයේ අනුමතිය සහිතව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය ගෙනආ විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඉක්මනින් තීරණයක් ලබාදීම සිදු කළ යුතු බව මෙහිදී විදුලිබල මණ්ඩලය නියෝජනය කරන නිලධාරීන් පෙන්වාදී තිබුණි.

නමුත් මෙහිදී අදහස් දක්වමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ පළමුව අවශ්‍ය ගණනය කිරීම් අවසන් කළ යුතු බවය.

Adaderana

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *