Latestදේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (23) රැස්වේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිත බව වාර්තා වනවා.

ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම ඇතුළු තීරණ කිහිපයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද මෙසේ රැස්වීමට නියමිත බව වාර්තා වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවෙන් සිවිල් නියෝජිතයින් තුන්දෙනෙකු පසුගියදා පත් කරනු ලැබුවා. ඒ අනුව ආචාර්ය ප්‍රතාප් රාමනුජන්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය ආචාර්ය දිනේෂ් සමරරත්න යන සිවිල් නියෝජිතයන් තිදෙනා අද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවෙන් සහභාගි වීමට නියමිතයි.

මෙම සාමාජිකයන් තිදෙනා පත්කිරීම වෙනුවෙන් පසුගිය 18 වෙනිදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා.

අද සාකච්ඡාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව සඳහා ප්‍රධාන විපක්ෂය නොවන විපක්ෂයේ සෙසු පක්ෂවල නියෝජිතයා පත් කර ගැනීම සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *