නානුඔය අනතුර – බස් රියදුරා රිමාන්ඩ්
නානුඔය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බස් රියදුරා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
රියදුරු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී නානුඔය පොලීසිය විසින් රියදුරුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ අනුව ඊයේ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු පෙබරවාරි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

