Latestදේශීය

උසස් පෙලට යමින් සිටී තරුණියකට ඇසිඩ් ප්‍රහාරයක්

උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා යමින් සිටි විසි එක් හැවිරිදි තරුණියකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇත්තේ කෑගල්ල -පරගම්මන ප්‍රදේශයේදීයි.ඒ ඊයේ (23) දිනයේදීයි.

අදාළ තරුණිය සිය පියා සමඟින් ත්‍රීරෝද රථයකින් යමින් සිටියදීයි මෙසේ තරුණයකුගේ ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇත්තේ.
පොලිසිය සදහන් කරන්නේ මෙම තරුණයා , ප්‍රහාරයට ලක්වූ තරුණියගේ පෙම්වතා බවට පැවසෙන බවයි.

කෙසේ නමුත්, ඇසිඩ් ප්‍රහාර එල්ල කිරීමට පැමිණි තරුණයාව, තරුණියගේ පියා විසින් හරස් කර ඇති අතර ඉන් අනතුරුව ඇති වූ, උණුසුම් තත්ත්වයත් සමඟ තිදෙනාටම ඇසිඩ් වැදි තිබෙනවා.

මොවුන් තිදෙනාම කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්ථාවෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *