සෞඛ්‍ය අමාත්‍යාංශයේ V8 ගැටුම
සුඛෝපභෝගී වාහනයක් බෙදාගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටි සව්සිරිපාය භූමියේ නොසන්සුන්කාරී වාතාවරණයක් ඊයේ ඇතිව තිබේ.
ඒ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් විසින් භාවිතා කරන එම වාහනය ආපසු භාර දෙන සෞඛ්‍ය ලේකම් වරයා විසින් ලිඛිතව දැනුම් දීමත් සමගයි.
එම වාහනය තමන්ට අත්‍යවශ්‍ය බව අතිරේක ලේකම්වරිය විසින් සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දී ලේකම්වරයාගේ නියෝගය නොතකා අතිරේක ලේකම්වරිය වාහන රැගෙන යාමට උත්සාහ කර ඇති අතර එහිදී ගේට්ටු වසා එය නතර කිරීමට උත්සාහ කල අවස්ථාවේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවී තිබේ.
පසුව අතිරේක ලේකම්වරිය වාහනය බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට අමාත්‍යාංශ නිලධාරීන් සාකච්ඡා කර තිබේ.
අතිරේක ලේකම්වරියට මෙම වාහනය වෙනුවට වෙනත් සුඛෝපභෝගී වාහයනයක් ලබා දීමට නිර්දේශ කර ඇතත් ඇය ඊට එකග වී නැත.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

