Latestදේශීය

මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්

 මහවැලි ගඟේ තිබී කටුගස්තොට පොලිස් වසමේ කුඩා රත්වත්ත ප්‍රදේශයේ දී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුව තිබෙනවා.

 මියගිය පුද්ගලයා කළු ඉරි සහිත කමිසයක් හා කළු පැහැති කලිසමක් ඇඳ සිටි බවත් ඔහු වයස අවුරුදු 40ත් – 50ත් අතර පුද්ගලයෙකු බව සදහන්.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වනවිට මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඊයේ (25) උදෑසන කටුගස්තොට පොලීසියට මේ සම්බන්ධයෙන් ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *